වසරේ මුල් මාස 05 තුළ පුද්ගලයින් 120,000 කට අධික පිරිසක් විදෙස් රැකියාවලට පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එය පෙර වසරට සාපේක්ෂව 100% ප්‍රගතියක් බව එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී, මංගල රන්දෙණිය සඳහන් කළේය.
මේ වසරේ පුද්ගලයින් තුන් ලක්ෂයක් විදේශ රැකියා සඳහා යොමු කිරීම කාර්යාංශයේ සැලසුම වන අතර ඒ සඳහා රටවල් කිහිපයක් සමග ගිවිසුම් අත්සන් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.