26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙදආරච්චිගේ පුත්‍රයා පැදවූ කැබ්රථය සොයා ගැනේ

වෙදආරච්චිගේ පුත්‍රයා පැදවූ කැබ්රථය සොයා ගැනේ

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා පැද වූ කැබ් රථය මාතර, වල්ගම ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබේ.

එම කැබ් රථය මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (03) පස්වරුවේදී පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

රවිඳු වෙදආරච්චි විසින් පසුගිය 01 වැනිදා අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැබ් රථයක පටවාගෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ බැදිගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරී දෙදෙනෙක් එය වැළැක්වීමත් සමඟ රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ ගැටුමක් ඇති කර ගත්තේය.

ඊට අදාළ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළද සංසරණය වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

සැඟව සිටින සැකකාර රවිඳු වෙදආරච්චි, ඔහුගේ බිරිඳ සහ ඔවුන් අදාළ සිද්ධිය සිදුවන අවස්ථවේ පැමිණි කැබ් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පැතීමටද කටයුතු කළේය.