30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතියකට 200 බැගින් කොරියාවට යැවීමට පියවර

සතියකට 200 බැගින් කොරියාවට යැවීමට පියවර

කොරියානු රැකියා සඳහා දැනටමත් සුදුසුකම් ලබා සිටින 5800 දෙනාම ඉදිරි මාස හය තුළ කොරියාවට ගෙන්වා ගන්නා බවට දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී මහතා සහතික වී තිබේ.

කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති 5800ක් කොරියාවට පිටත් කර යැවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමඟ පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200ක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන්පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමටද නියමිතය.