28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසති දෙකකින් යළිත් බරපතල ඉන්ධන අර්බුදයක්

සති දෙකකින් යළිත් බරපතල ඉන්ධන අර්බුදයක්

සති දෙකකින් පසු රට තුළ යළි බරපතළ ඉන්ධන අර්බුදයක් මතු විය හැකි බවට තෙල් සංස්ථාවේ නිලධාරීන් අනතුරු අඟවයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නැව මෙරටට ගෙන ආවාට පසු රටේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙළක් තාමත් සකසා නොමැති වීම මීට හේතුව වී ඇති බව ඔවුන් පවසයි.

ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ලබා ගැනීමට යම් යම් සැලසුම් ක්‍රියාත්මක කළද සැපයුම්කාර සමාගම් ඒවාට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067ක් සහ ජෙට් A1(ගුවන්යානා තෙල්) මෙට්‍රික් ටොන් 386ක් තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ට්විටර් පණිවුඩයනි නිකුත් කරමින් සඳහන් කළ නමුත් එම ප්‍රමාණය සෑහෙන්නේ සති දෙකකට පමණ බව එම නිලධාරීන් අවධාරණය කරයි.