― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසොෆ්ට්වෙයාර් වැඩි දියුණු කරන්න විතරක් මිලියන 7000ක්

සොෆ්ට්වෙයාර් වැඩි දියුණු කරන්න විතරක් මිලියන 7000ක්

වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නොතිබීම සහ භාවිත නොකිරීම පිළිබඳව පසුගියදා පැවැති කෝප් කමිටුවේ අවධානය යොමු විය.

මෙම පද්ධතිය සැකසීම සඳහා රුපියල් මිලියන 645ක් පමණ සමාගමකට ලබා දී ඇති බවත් මෙහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ලබා දෙන බවත් කෝප් කමිටුවේදී අනාවරණය විය.

එසේ වුවද එම පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත් මේ නිසා අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමට කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එහි කටයුතු 80% ක් පමණ දැනටමත් අවසන් වී ඇති බවත් මෝප් කමිටුව හමුවට පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.

දැනට තිබෙන පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීමට මිලියන 7000ක් පමණ අවශ්‍ය බව නිලධාරීන් එහිදී පෙන්වා දුන් අතර රටේ පවතින ඖෂධ අවශ්‍යතාවය ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවධානය එහිදී යොමු විය.

මෙම ක්‍රමවේදය මගින් එදිනෙදා ඖෂධ අවශ්‍යතාවය සහ ඖෂධ හිඟය කලින්ම හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකි වන බවද පැමිණ සිටි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC), සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යන ආයතනවල ප්‍රසම්පාදන කටයුතු සමබන්ධයෙනද එහිදී සාකච්ඡා වූ අතර මෙම ආයතන තුන ඒකාබද්ධව ඉතා ඉකිමනින් අවශ්‍ය තීරණ ගෙන කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.