ලාෆ් ගෑස් මිල තවත් ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව වෙළඳපොළේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මිලකට අලෙවි වන බවට තොරතුරු වාර්තා වෙයි.
අද (05) සිට එම සමාගම වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ කළ අතර එම සමාගම නිවේදනය කළේ ගෑස් මිලේ මිල වැඩි කිරීමක් සිදු නොකරන බවයි.
කෙසේ වෙතත් අප වාර්තාකරුවන් වෙළඳපොළේ අද කළ සොයා බැලීමකදී දැක ගැනීමට හැකි වුණේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මුදලකට අලෙවි වන බවයි.