― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF කියන්නේ ලොම් හැලිච්ච සිංහයෙක් - ඩිව් ගුණසේකර

IMF කියන්නේ ලොම් හැලිච්ච සිංහයෙක් – ඩිව් ගුණසේකර

IMF පස්සේ ගියාට වැඩක් නොමැති බවත් IMF කියන්නේ ලොම් හැලිච්ච සිංහයෙක් බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩි ගුණසේකර කියා සිටියේ රුසියාව සමඟ සාකච්ඡා කොට අඩු මිලට තෙල්, ගෑස්, පොහොර ලබා ගත හැකිද යන ප්‍රශ්නයට පිළිතුරක් ලබා දිය යුතු බව හා එලෙස අඩු මුදලට ඉන්දියාවට තෙල්, ගෑස්, පොහොර ලබා ගැනීමට හැකි නම් ලංකාවට බැරි වීමක් සිදු නොවන බවයි.

“අපේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ මෙවැනි සිද්ධියක් ඇති වෙනකොට භූ දේශපාලනික ප්‍රශ්නයක් බවටත් ඇති වෙන්න පුළුවන්. ඇමරිකාව තරහ වෙයි කියලා හෝ ඉන්දියාව තරහ වෙයි කියලා නෙවෙයි. අපි අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවේ අවශ්‍ය වෙන්නේ අපේ රටේ ජනතාව බඩගින්නෙන් මැරෙන එක වළක්ව ගන්න එකයි. ඒ නිසා අපි කෙලින්ම අපේ සම්ප්‍රදායික මිත්‍රයෙක් වන රුසියාව ඔවුන් එක්ක සාකච්ඡා කරලා අඩු මිලට තෙල් ගන්න පුළුවන් , අඩු මිලට ගෑස් ගන්න පුළුවන්, අඩු මිලට පොහොර ගන්න පුළුවන්. ඉන්දියාවට ගන්න පුලුවන්නම් අපිට ගන්න බැරි මොකද? රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අපි ඉල්ලා හිටිනවා කරුණාකරලා මේකට උත්තරයක් දෙන්න පාර්ලිමේන්තුවේ කතා කරනකොට. රුසියාවත් එක්ක සාකච්ඡා කරනවාද නැද්ද? අපි දන්න විදියට රුසියන් තානාපතිවරයා කිව්වා මාස ගාණකට ඉස්සෙල්ලා ආධාර දෙන්න සූදානම් කියලා. ඒකට පිළිතුරක්වත් නැහැ. IMF පස්සේ ගියාට වැඩක් නැහැ. IMF කියන්නේ ලොම් හැලිච්ච සිංහයෙක්.”