25.6 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස ධුරය හැර යන්නෑ

අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස ධුරය හැර යන්නෑ

තමන් කිසිසේත්ම අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස ධුරය හැර නොයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

නැවත ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට තමාට කිසිඳු අදහසක් නොමැති බව හා තමන්ට තනතුර හැර යන ලෙස දිගින් දිගට සිදු කෙරෙන ඉල්ලීම් හමුවේ වුවද ඉදිරි වසර දෙකක කාලය තුළ තමන් ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට කැපවන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණපා ඇති බරපතල ආර්ථික අර්බුදවලට හේතු කාරණා වූ මූල්‍ය ගැටලු නිරාකරණය කර ගැනීමට අවධානය යොමු කරන බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ මාස ගණනක් මුළුල්ලේ විරෝධතා පැවැතියද ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බවත් තමාගේ ධුර කාලයේ ඉදිරි වසර දෙක අවසන් කරන බවත්ය.