යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඉන්දීය අපනයන ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණයක් ලබාගැනීමට ඊයේ (06) රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ සම්බන්ධයෙන් අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
ඒ අනුව 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර එම ණය මුදල යොදාගෙන ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.