32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනන්දලාල් හා අගමැති අතර ආරවුලක් ගැන මහ බැංකුවෙන් පිළිතුරු

නන්දලාල් හා අගමැති අතර ආරවුලක් ගැන මහ බැංකුවෙන් පිළිතුරු

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර මතභේදයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

එම ට්විටර් සටහනේ දැක්වෙන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා සෑම අංශයකින්ම තමා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින සුහද සබඳතාව තවදුරටත් පවතින බව බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.