30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය ජයගනී

බ්‍රිතාන්‍ය අගමැති විශ්වාසභංගය ජයගනී

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු ජයග්‍රහණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්ද 211ක් හිමිව ඇති අතර ඔහුට එරෙහිව ඡන්ද 148ක් හිමි වී තිබේ.

පාලක කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රිවරුන් 54 දෙනෙකුගේ යෝජනාවකට අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය සඳහා ඡන්ද විමසීම පැවැත්වුණු අතර කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට රට වසා දමා තිබූ සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ පැවැත්වූ සාදයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා පිළිබඳ විශ්වාසය පළුදු වී ඇති බවට ඔවුන් චෝදනා කළේය.

විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමත් සමග බොරිස් ජොන්සන්ට වසරක කාලයක් සඳහා කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයද ස්ථීර විය.