25 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 10.00ට රැස්විය.

මේ අතර රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරයා විසින් අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය බදු මුදල සපයා ගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ගෙන එනු ලැබේ.

ඊට අදාළ විවාදය හෙට (08) දක්වා පැවැත්වීමට නියමිතය.

මේ අතර ණය සීමාව රුපියල් ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සඳහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව විවාදයකින් තොරව අනුමත කර ගැනීමටද නියමිත බව වාර්තා වෙයි.