27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැඩි මිලට සහල් අලෙවි කළොත් නඩු

වැඩි මිලට සහල් අලෙවි කළොත් නඩු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල්වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි මස 02 වැනිදා නිකුත් කළ අංක 82 දරණ ගැසට් පත්‍රයේ කිසිඳු සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ පවතින සහල් මිල වැඩි කිරීමක් හෝ කර නොමැති බවත් ව්‍යාපාරික ප්‍රජාව සහල් උපරිම සිල්ලර මිලට යටත්ව අළෙවි කළ යුතු බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ගැසට් පත්‍රයට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක් සහ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260ක් ලෙස උපරිම මිල පවතින බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව උපරිම මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් රට පුරා වැටලීම් සිදුකර නඩු පවරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එම නිවේදනය පහතින්,