― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි කප්පාදුව දින තුනෙන් තුනට වෙනස් වෙයි

විදුලි කප්පාදුව දින තුනෙන් තුනට වෙනස් වෙයි

අද (07) සිට විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 15ක් දක්වා අඩු කර පවත්වා ගෙන යාම සඳහා බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය

අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා නව ක්‍රමවේදයක් යෝජනා කර ඇති බවත් ඒ අනුව දින තුනෙන් තුනට දහවල් කාලයේදීත්, රාත්‍රී කාලයේදීත් මාරුවෙන් මාරුවට විදුලිය කප්පාදු කිරීමට යෝජනා කර ඇති බවයි.

යම් ප්‍රදේශයකට දින තුනක් දහවල් කාලයේදී පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කරන්නේ නම්, එම ප්‍රදේශයටම ඊළඟ දින තුනේදී විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ රාත්‍රී කාලයේදීයි.

අදාළ යෝජනාව සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව අමාත්‍යවරයා පැවසීය.

අඛණ්ඩව විදුලිය ලබාදීම සදහා යම් සැලසුමක් කටයුතු කරමින් ඉන්නවා. පහුගිය කාලයේ පැය 3යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් තමයි කළේ. අද ඉදලා අපි බලාපොරොත්තු වෙනවා පැය 2යි විනාඩි 15ක් දක්වා අඩු කරන්න. නමුත් අර පැරණි තිබුණු ක්‍රම වේදයට වෙනස් කරලා යෝජනා කරලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසමත්, විදුලිබල මණ්ඩලයත් ඒකට අනුමැතිය දෙන්න ඔ්නේ අපි මේ කරන යෝජනාවට. පැය 2යි විනාඩි 15, ඒක මාරුවෙන් මාරුවට දවස් තුනෙන් තුනට, කොටසකට පැය 2යි විනාඩි 15 එකවර දවල් කාලයේ කප්පාදු වෙනවා. තවත් කොටසකට රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් වෙනවා. එතකොට උදේ රාත්‍රී කියලා දෙකේම කපන්නේ නැතිව උදේ 6ඉදලා හවස 5 වෙනකන්, හවස 5 ඉදලා රාත්‍රී 9 වෙනකන් කියන එක තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. මේ කප්පාදුව හරහා ඩීසල් වලට වැයවෙන රුපියල් මිලියන 400ක් දෛනිකව විදුලිබල මණ්ඩලයට ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා.”