31 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසරසවි දෙකකට අලුත් කුලපතිවරු පත්වෙති

සරසවි දෙකකට අලුත් කුලපතිවරු පත්වෙති

නැගෙනහිර විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක් සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව උප කුලපතිව‍රයෙක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න යන මහත්වරු පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපි අද (7) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී භාර දී තිබේ.