27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහිටපු අගමැති මහින්දත් කැබිනට් රැස්වීමට

හිටපු අගමැති මහින්දත් කැබිනට් රැස්වීමට

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ විශේෂ කැබිනට් මාධ්‍ය හමුව අද (07) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද එක්ව සිටි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට අවස්ථාව හිමි නොවන අතර මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් විශේෂ කැඳවීමක් කළහොත් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කැබිනට් මණ්ඩල රැස්වීම පැමිණීමේ හැකියාව පවතී.