― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළමුන් අතර වේගයෙන් පැතිර යන රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

ළමුන් අතර වේගයෙන් පැතිර යන රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

මේ දිනවල කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම රෝගය පහසුවෙන් පැතිර යන අතර එක් වරක් වැළඳුණු දරුවන්ට යළි වැළදීමේ හැකියාව පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඇතැම් දරුවන්ගේ අත්, පා සහ මුඛය තුළ තුවාල ඇති විය හැකි බවත් එසේ වුවහොත් ආහාර ගැනීම අපහසුතාවක්, ආහාර අරුචියක් ඇතිවිය හැකි බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

මෙය මාරාන්තික රෝගයක් නොවුණද ඇතැම් දරුවන්ගේ කලාතුරකින් නියපොතු ගැල වී යා හැකි බව පෙන්වා දුන් වෛද්‍යවරයා කියා සිටියේ එම නියපොතු යළි වර්ධනය වන බවයි.

මෙම රෝගී තත්ත්වයේදී එම දරුවන්ට මාත්‍රාව අනුව පැරසිටමෝල්, ස්වභාවික දියර ආහාර සහ සින්ක් සහිත අහාර ලබා දිය යුතු බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

සමහර වෙලාවට සුදු වතුර පිරුණු බිබිලි වගේ හැදෙනවා. කටේ රතු ලප එන නිසා ඒ දරුවන්ට කෑම අරුචියක් සහ අසහනකාරී තත්ත්වයක් ඇති වෙනවා. උණ ඇතිවෙනවා සමහර අයට. ඊට අමතරව මේ බිබිලි සමහර අයගේ කසනවා. මේක ඉතාම පහසුවෙන් දරුවෙකුගෙන් දරුවෙකුට බෝවෙන්න පුළුවන්. මේක වෛරස් එකක්.”