27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති නිමල් ශ්‍රීලනිප තනතුරුවලින් නෙරපා හැරීම වළක්වමින් වාරණ නියෝගයක්

ඇමති නිමල් ශ්‍රීලනිප තනතුරුවලින් නෙරපා හැරීම වළක්වමින් වාරණ නියෝගයක්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරයා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

නිමල් සිරිපාල ද සිල්වා සිය පෙත්සම මගින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හෝ මහලේකම්ට හෝ මධ්‍යම කාරක සභාවට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව තමාව පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට බලයක් නොමැති බවයි.

කරුණු සළකා බැලූ අධිකරණය, නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වාරණය කරමින් ශ්‍රීලනිප සභාපතිවරයා ඇතුළු නිළධාරීන්ට මෙම වාරණ නියෝගය නිකුත් කළේය.