26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටියක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටියක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික හෙරොයින් සමග පුද්ගලයෙකු හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ කාන්තාවක්  අත්අඩංගුවට ගත් බව පොලිස්  විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව  මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්තනී රෝහල ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී  හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.192 ක් සමග මට්ටක්කුලිය ප්‍රදේශයේ වයස අවු. 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. තවද හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වයස අවු. 24ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් මෙම හෙරොයින් වල වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර ඉතා සූක්ෂම අයුරින් මෙම හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇත. 

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා හෙරොයින් තොගය ද සැකකාරිය ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.