28.4 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජංගම දුරකතනයක් නිසා රාගමදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

ජංගම දුරකතනයක් නිසා රාගමදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

ඊයේ (07) රාත්‍රී කාලයේදී රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි කැන්දලියද්දපාලුව, ගනේමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඔහුගේ ජංගම දුරකතනය කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ඇති අතර ඒ පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ.