― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදර භාවිතයෙන් ආයු කාලය වැඩි වෙනවා - සරත් වීරසේකර

දර භාවිතයෙන් ආයු කාලය වැඩි වෙනවා – සරත් වීරසේකර

දියුණු රටවල මිනිසුන්ගේ ආයු කාලයට වඩා දර භාවිත කරන මෙරට කාන්තාවන්ගේ ආයු කාලය ඉහළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පැවසීය.

ඊ‍යේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පිරිසිදු බලශක්ති පරිහරණය කරන රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80ක් පමණ වන බවත් දර භාවිත කරන මෙරට කාන්තාවගේ ආයු කාලය වසර 80.1ක් බවයි.

දර භාවිතය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ බලශක්ති අමාත්‍යාංශය යටතේ තිබෙන සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ වෙනම අංශයක් පිහිටුවිය යුතු බවත් ඊට සම්මානලාභි අමරසේකර මහතාගේ සේවය ලබා ගන්නා ලෙසත් තමා යෝජනා කරන බවයි.

නවීන පිරිසිදු බලශක්ති ඉන්ධන පරිහරණය කරන දියුණු ධනවත් රටවල මිනිස්සුන්ගේ ආයු කාලය වසර 80යි සහ 85යි. නමුත් ලංකාවේ ගෑස් මිල දී ගැනීමට අපහසු දර පරිහරණය කරන කාන්තාවන්ගේ ආයු කාලය වසර 80.1යි. ඒ කියන්නේ ලංකාවේ සමහර දර්ශක දකුණු ආසියාවේ ඉහළ ම තැනට පත්ව තියෙනවා. එයින් පෙන්වන්නේ දර පාවිච්චිය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු වී නැති බව යි. ගෑස් මිල ඉහල යන විට දර භාවිතය වැඩි වෙනවා.

වර්තමානයේ දර භාවිතය ගෝත්‍රික ක්‍රියාදාමයක් ලෙස අවතක්සේරු කළත් වසර 1800 වන තෙක් ලෝකයේ ප්‍රධාන බලශක්තිය වුණේ දරයි. 2020 ලෝකයේ සම්පූර්ණ බලශක්ති පරිහරණයෙන් 10%ක් ම ලබා ඇත්තේ දරවලින්. 1800 වසරවල ලෝකයේ දර හිඟය නිසා බඩගින්න නිසා විශාල අපරාධ සිදුවී තිබෙනවා. දර සොරකම්, ඒ සඳහා දුන් දඬුවම් පිළිබඳව කාල් මාක්ස් පවා ලිපි පෙළක් ලියලා තියෙනවා.”