― political ―

රනිල් නත්තල් සීයා වගේ පොරොන්දු දිදී යනවා – තිස්ස

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ නත්තල් සීයා වගේ එක එක දේවල් දෙනවා කියා පොරොන්දු දිදී යන බවත් සමගි...
HomeNewsනාගරික සංවර්ධන අධිකාරියේ අක්කර 782ක් වගාවට දෙයි

නාගරික සංවර්ධන අධිකාරියේ අක්කර 782ක් වගාවට දෙයි

නාගරික ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ වගා කළ හැකි ඉඩම් ලෙස නාගරික සවංර්ධන අධිකාරියට අයත් ඉඩම් අක්කර 782ක් හඳුනාගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව එහි ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදීය.

මෙම ඉඩම්වල වගා කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි ඇමතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

දිවයින පුරා සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ඉඩම් පිහිටා ඇති අතර ඒවා ඉඩම් අක්කර 01 සිට 400 දක්වා ප්‍රමාණයන්ගෙන් සමන්විත බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එම ඉඩම්වල ඒ ඒ ප්‍රදේශවලට ආවේණික බෝග වර්ග හඳුනාගෙන වගා කිරීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.