― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalබඩගින්න ඉදිරියට දමා 21 ප්‍රමාද කරන්න එපා - දයාසිරි ජයසේකර

බඩගින්න ඉදිරියට දමා 21 ප්‍රමාද කරන්න එපා – දයාසිරි ජයසේකර

මේ මොහොතේ අංක එකට විසඳිය යුතු වන්නේ ජනතාවගේ බඩගින්න නිවීම බවත් බඩගින්න ඉදිරියට දමා 21 වැනි සංශෝධනය ප්‍රමාද කිරීම නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“මේ රටේ පාරට බැහැපු මිනිස්සු පාරට බැස්සේ එක පැත්තකින් ආහාර ටික නැතුව තෙල් ටික නැතුව බෙහෙත් ටික නැතුව බඩු මිල ගණන් යාම යන සියල්ලම නිසා. හැබැයි ඒක මහජන උද්ඝෝෂණයක් බවට පත්වෙලා රටේ මහජන කැළඹීමක් ඇති වුණා.ඒකේදී සියලු දෙනාම කිව්වේ මේකට ජනාධිපති වගකිව යුතුයි කියල. එතකොට ඒකට ගෙනාපු යෝජනාව තමයි ජනාධිපතිතුමාගේ බලතල අඩු කළ යුතුයි කියල. දැන් ඒ සටනට රනිල් වික්‍රමසිංහ මහත්තයා අඩ කොටයක් තියල නතර කරලා තියෙනවා. දැන් ආපහු කියන්න බැහැ කෑම ටිකයි මිනිස්සු ඉල්ලන්නේ 21 ඉල්ලන්නේ නැහැ කියල. 21 අනිවාර්යයෙන් ගේන්න ඕනේ. 21ට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා.”

දැන් අපි විඳිමින් සිටින්නේ 2005 වසරේ සිට ගත් ණය කන්දරාවේ ප්‍රතිඵල හා 1977 සිට ගත් වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයි. ඉදිරි මැතිවරණයන් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අලුත් මුහුණු රැසක් ඉදිරියට ගෙන එනවා. අරගලයේ සිටින බොහෝමයක් දෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වීමට නියමිතයි.