27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැසිල් හෙට මන්ත්‍රීකම අත්හරියි! - මේ සති අගදී ඇමරිකාවට

බැසිල් හෙට මන්ත්‍රීකම අත්හරියි! – මේ සති අගදී ඇමරිකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙම සතිය අගදී ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව හෙට (09) දිනයේදී බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තත්වය පැහැදිලි කිරීමටද නියමිත බව ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සතිය අගදී බැසිල් රාජපක්ෂ කෙටි කාලයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව යන අතර නැවත පැමිණ පූර්ණ කාලීනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතුවල නිරත වීමටද තීරණය කර තිබේ.