― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවවාගෙන කන්නත් බැරිවෙන හැඩක් - එළවළු බීජ හිඟයක්!

වවාගෙන කන්නත් බැරිවෙන හැඩක් – එළවළු බීජ හිඟයක්!

එළවළු බීජ සදහා ඇති ඉල්ලුම වැඩිවිමත් සමග මේ වනවිට එළවළු බිජ ඇටවල හිගයක් ඇතිවි තිබෙන බව ගොවින් පෙන්වා දෙනවා.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයත් සමඟ ජනතාව වැඩි වශයෙන් ගෙවතු වගාව සඳහා යොමු වී ඇති අතර මේ සමඟ එළවළු බීජ ඇට සඳහා ඇති ඉල්ලුමද වැඩි වී තිබේ.

ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම දෙපාර්මේන්තුව සතු රජයේ ගොවිපොළවල් සහ පුද්ගලික කෘෂි අලෙවිසැල්වල මේ වනවටි එළවළු බිජවල හිගයක් පවතින බව ගොවීන් පවසයි.

මෙම තත්වය නිසා එළවළු බීජ මිලදී ගැනීම සඳහා පැමිණෙන ගොවීන්ට හිස් අතින් යාමට සිදුවී ඇති අතර එළවළු බීජවල මිල ගණන් දෙතුන් ගුණයකින් වැඩි වී ඇති බවටද ගොවීන් චෝදනා කරයි.

පේරාදෙණිය ගන්නොරුවෙන් තමයි එළවළු බීජ ඇට ගෙන්වා ගන්නේ. බටඅත, තෙලිජ්ජවිල යන අපේ ප්‍රාදේශිය මධ්‍යස්ථාන මගින් එළවළු බීජ ඇට ඇනවුම් කරලා තියෙනවා. නමුත් ගන්නෝරුවේ නිෂ්පාදනය කරපු බීජ අවසන්වෙලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ගෙවතු වගා ලක්ෂයක් සඳහා ගන්නෝරුවෙන් එළවළු බීජ ඇට මිලදී ගෙන බෙදා දීලා තියෙන්නේ. ඒ නිසා තමයි එළවළු බීජ ඇටවල හිඟයක් තියෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් රටේ අවශ්‍යතාවයෙන් එළවළු බීජ ඇට සියයට 20ක් පමණ තමයි නිෂ්පාදය කරන්නේ.

සහතික කළ එළවළු බීජ තමයි අලෙවි කරන්නේ. එමෙන්ම ගොවින් තමන් විසින්ම බිජ නිෂ්පාදනය කරගන්නවා. සහතික කළ බීජ අවශ්‍ය වන්නේ මහා පරිමාණ වගාවන් සඳහා. ගෙවතු වගාව සඳහාත් එළවළු බීජ ඇට මිලදී ගන්න ජනතාව යොමුවෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නොමිලේ ලබාදෙන එළවළු බීජ ඇට ඇතමුන් සිටුවන්නේ නැහැ. ඉන් සියයට විස්සක් විසිපහක් නාස්තිවෙනවා.