28.9 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ඇමති නිමල් දකින සුබ සිහිනය මෙන්න

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ඇමති නිමල් දකින සුබ සිහිනය මෙන්න

ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමය සමඟ පැවති හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ගුවන් සේවය රුපියල් බිලියන 315ක ණය ප්‍රමාණයක් දැරීම මීට ප්‍රධානතම හේතුව බවයි.

එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමක් සිදුනොවන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ යෝජනාවක් ගෙන එන ලෙස අමාත්‍යවරයා මෙහිදී ගුවන් සේවයේ පාලනාධිකාරියට විශේෂයෙන් දැනුම් දී ඇත.