22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරේ

දේශබන්දුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරේ

පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝගම හා මයිනාගෝගම අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 216 වන වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට සූදානම් බව විමර්ශන අංශ පවසයි.

මැයි 09 වැනිදා අපරාධයට සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුව ඇති B22046/22  දරණ නඩුවේ විමර්ශනය කටයුතු අධිකරණය හා සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා පොලිස්පතිගේ නිර්දේශ මත අධිකරණය විසින් නම් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා විමර්ශන ප්‍රගතිය වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 216 වන වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගත් බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද පුද්ගලයින් 20 දෙනා අතරින් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පමණක් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම විමර්ශනය නිසි ලෙස සහ නිවැරදිව සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන ප්‍රධානීන් වෙත ඍජු වගකීමක් පැවරෙන බවත් විමර්ශන නිලධාරීන්ට ලබා දිය යුතු වැඩිමනත් උපදෙස් හා නියෝග ලබා දී එම විමර්ශන කටයුතු අවසන් කිරීමට නිලධාරීන් මෙහෙයවන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා විමර්ශන අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.