29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

වැඩි මිලට සහල් අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 12ක් සිදු කළ බවයි.

ඉන් වැටලීම් 03ක් සම්බන්ධයෙන් මේ වනවිට නඩු පවරා ඇති අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220කි.

සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230ක් වන අතර කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 260ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.