සහල් හිඟයක් ඇති වේ යැයි කිසිඳු බියක් ඇති කර ගත යුතු නැති බව කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
මුලදී තත්ත්වය නරක වුනත් දැන් හොඳ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් මේ වන විට හෙක්ටයාර හාරලක්ෂ 47000ක් බිම් සැකසීම් සිදුව තිබෙන අතර එය පසුගිය කන්නයන් සමඟ සසඳන විට හොඳ තත්වයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සහල් හිඟයක් ඇති වෙන්නේ නම් ඒ අවුරුද්දේ අවසාන දවස් කීපයකට පමණක් බවත් ඒ හිඟයටත් අවශ්‍ය සහල් මිලදී ගැනීම සඳහා වෙළෙඳ ඇමති ඇනවුම් ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.