27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් අති විශේෂ ගැසට් නිවේදනයක් - ආරක්ෂක අමාත්‍යංශයේ බලතල කිහිපයක් ඉවතට

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් – ආරක්ෂක අමාත්‍යංශයේ බලතල කිහිපයක් ඉවතට

තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ 02ක් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවති බලතල හා කර්තව්‍යයන් කිහිපයක් ඉවත් කර ඇත.

එලෙස ඉවත් කළ බලතල වන්නේ ආගමන හා විගමන කටයුතු, විදුලි සංදේශ කටයුතු නියාමනය, තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම, සයිබර් ආරක්ෂණය, පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, ආර්ථික සංවර්ධන කලාප ප්‍රවර්ධනය ආදියයි.

ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉවත් කළ බලතල හා කර්තව්‍යයන් තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වෙත පැවරී තිබේ.