28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමගේ ඉඩකඩම් ඔක්කොම ගිනි තිබ්බේ ඔයාලා කතාව එඩිට් කරපු නිසා

මගේ ඉඩකඩම් ඔක්කොම ගිනි තිබ්බේ ඔයාලා කතාව එඩිට් කරපු නිසා

ඊයේ (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

ගාලු මුව‍දොර විරෝධතාකරුවන්ට මැයි 09 වනදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පෙරේදා (08) වරෙන්තුවක්ද නිකුත් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩු විභාගය සඳහා ඔහු ලබන බදාදා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වන අතර ඔහු ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගය ලබන 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසි අදහස් දැක්වීය.

මාධ්‍යට කතා කරන එක ඒ තරම් හොඳ නැහැ නඩුවක් තියෙන වෙලාවේ. සාධාරණීයත්වය ඉටු වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ මාධ්‍ය සමහරක් මගේ කතාව එඩිට් කරලා අමාරුවේ දාලා. ඉඩ කඩම් ඔක්කොම ගිනි තිබ්බේ මගේ කතාව එඩිට් කරපු නිසා. හරිම කණගාටුයි. මම එතනින් එහා දෙයක් කියන්නේ නැහැ.