― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalමහින්ද සහ බැසිල්ට එරෙහි පෙත්සමට දින නියම වෙයි

මහින්ද සහ බැසිල්ට එරෙහි පෙත්සමට දින නියම වෙයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි 04 වැනිදා කැඳවන ලෙස පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) නියෝග කළේය.

ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු තිදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කරුවන් කියා සිටින්නේ වත්මන් රජය මෙරට පාලන බලය අත්පත් කර ගන්නා විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇමෙරකානු ඩොලර් බිලියන 7.6 කට අධික විදේශ සංචිත පැවති බවයි.

ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මේ හේතුවෙන් ජනතාවට දරා ගත නොහැකි ආකාරයට උද්ධමනය ඉහළ ගොස් ඇති බවත් ජනතාවට එදිනෙදා අවශ්‍ය කරන ආහාර හා අත්‍යාවශ්‍ය සේවාවන් පවා සපයා ගැනීම බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන බවත්ය.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් ආචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ එම බැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, අල්ලස් කොමිසම හා එහි කොමසාරිස්වරු තුන්දෙනා ඇතුළු 39 දෙනෙකු නම් කර තිබේ.