27.8 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට හැකි පමණින් උදව් කරන්නැයි ස්ටාක් - ස්මිත් ලෝකයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවට හැකි පමණින් උදව් කරන්නැයි ස්ටාක් – ස්මිත් ලෝකයෙන් ඉල්ලයි

ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාවට හැකි පමණින් සහාය ලබාදෙන ලෙස ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන මිචෙල් ස්ටාක් සහ ස්ටීව් ස්මිත් ලෝක වාසීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනා මෙම ඉල්ලීම කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව සංවිධානය කර ඇති අරමුදල් තර කිරීමේ වැඩසටහනට සහාය ලබාදෙන ලෙස ඔවුන් මෙලෙස ලොව පුරා සිටින ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ගෙන් එම ඉල්ලීම කරයි.

එම අරමුදල් රැස්කිරීමේ වැඩසටහන ජුනි මස සිට ආරම්භ කළ අතර එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 47.2ක් එකතුකරගැනීම එහි අරමුණයි.

එම අරමුදල් ශ්‍රී ලංකාවේ පීඩාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් සහන සැපයීම සඳහා යොදාගැනීමට අපේක්ෂිතය.