27.8 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට එක්දින පාස්පෝට් සේවයට නව ක්‍රමයක්

අද සිට එක්දින පාස්පෝට් සේවයට නව ක්‍රමයක්

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය අද (13) සිට වැඩිකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ දක්වා එම සේවාව යටතේ දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර උපරිමය 2000ක් දක්වා පමණක් නිකුත් කරනු ලැබූ අතර අද සිට එම සීමාව 3500ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෛනිකව සේවා මුර 02කට වෙන් කර සේවයට කැඳවනු ලබන අතර ඒ අනුව උදෑසන 07 සිට පස්වරු 02 දක්වා සහ පස්වරු 02 සිට රාත්‍රී 10 දක්වා නිලධාරීන් සේවයට කැඳවීමට නියමිතය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කර වෙනත් කාර්යාල වෙත සේවා ස්ථාන මාරුවීම් ලැබූ පළපුරුදු නිලධාරීන් යළි එම දෙපාර්තමේන්තුවට මාස 03ක කාලයක් සඳහා තාවකාලිකව අනියුක්ත කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක්ද කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.