― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalඇමතිවරුන්ගේ තෙල් බොන ජීප්වලට ගම්මන්පිලගෙන් බාල්දියක්

ඇමතිවරුන්ගේ තෙල් බොන ජීප්වලට ගම්මන්පිලගෙන් බාල්දියක්

රටේ ඇති ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර නොගතහොත් ඉදිරියේදී මුළු රටම අකර්මණ්‍ය වීමට හැකි බවත් ඇමතිවරුන්ගේ තෙල් බොන දැවැන්ත කාර්, ජීප් පාරට දැමීම තහනම් කළ යුතු බවත් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

අර තෙල් පෝලිමේ දවස් ගණන් ලැගලා ඉන්න ජනතාවට තියෙන කෙටිකාලීන ප්‍රශ්නයට අපි මුලින්ම උත්තරේ දීලා ඉන්න ඕනෙ. මුලින්ම අපි ණයට හරි අවම අවශ්‍යතාවය සපුරා ගන්න මට්ටමකට තෙල් ටික ගන්න ඕනෙ. දෙවැනි එක තමයි තියෙන තෙල් ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න තෙල් පරිභෝජනය අඩුකිරීම. ඉන්දියාවෙන් එන ආධාර භාරගන්න අපේ ඇමතිවරු යන්නේ තෙල් බොන දැවැන්ත කාර්වල, ජීප්වල. එහෙනම් නායකයො ආදර්ශය ලබාදීලා, සරල වාහනවලට යන්න ඕනෙ. මුලින්ම 2000 CCට වැඩි වාහන පාරට දාන එක ආණ්ඩුව නිල වශයෙන් තහනම් කරන්න ඕනෙ. සතියට පැය 40යි නෙ වැඩ කරන්නෙ. 8 x 5 = 40 වෙනුවට 10 x 4 = 40 කරමු. සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනවා. එතකොට තෙල් වියදම අඩුවෙනවා. පාසැල්වලටත් ඒක කරන්න වෙයි. එක දවසක් පාසැලට එනවා, ඊළඟ දවසේ ඔන්ලයින්. එහෙම කරලා තියෙන තෙල් ටික කළමනාකරණය කරගත්තේ නැත්නම් මුළු රටම නතරවෙන්න ඉඩ තියෙනවා