28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ හිඟයෙන් සමාජ රෝග මර්ධනයත් අනතුරේ

ඖෂධ හිඟයෙන් සමාජ රෝග මර්ධනයත් අනතුරේ

ඒඩ්ස් රෝග පරීක්ෂාව සඳහා අවශ්‍ යවන ක්ෂණික පරීක්ෂණ කට්ටල මෙන්ම ELISA පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක හිඟය හේතුවෙන් එම රෝග පාලනය සඳහා අත්‍යාවශ්‍ය ඇතැම් වැඩසටහන් සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව ඇති බව විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

මේ අතර ඇතැම් වැඩසටහන් සීමා කිරීමට සහ ප්‍රමාද කිරීමටද සිදුව ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කරයි.

ඊට අමතරව අනෙකුත් සමාජ රෝග තහවුරු කෙරෙන මූලික පරීක්ෂාවක් වන VDRL පරීක්ෂණ සඳහාද HIV තහවුරු කිරීමේ පරීක්ෂාව සඳහාද බරපතල ප්‍රත්‍රිකියක හිඟයක් පවතී.