― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාභය ඉන්දීය රූකඩයක් බවට පත්වෙලා - සර්ව පාක්ෂික අරගලකරුවෝ

ගෝඨාභය ඉන්දීය රූකඩයක් බවට පත්වෙලා – සර්ව පාක්ෂික අරගලකරුවෝ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය රූකඩයක් බවට පත්ව ඇති බව සර්ව පාක්ෂික අරගලකරුවන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සර්ව පාක්ෂික අරගලකරුවන් සඳහන් කරන්නේ මාතෘ භුමිය අරාජික කරමින් ආර්ථිකය බංකොලොත් කළ ගෝඨාභයය රාජපක්ෂ නම් ආසාර්ථක පාලකයා ජනබලයක් නොමැතිව, බංකරයක් තුළ හිඳිමින් ඉන්දු – අමෙරිකානු දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශයෙන් සනාථ වූ බවයි.

මේ අසීරු මොහොතේ අප රටට ලබාදෙන ආර්ථිකමය ආධාර උපකාර පිළිබඳව ඉන්දියාවට කෘතඥතාවය පල කරන සර්ව පාක්ෂික අරගලකරුවන්, ඒ මුවාවෙන් ස්වෛරී ස්වාදීන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට රාජ්‍ය පාලනය පිලිබඳ තීරණ ගැනීම සඳහා ව්‍යවස්ථාපිතව හා ජාත්‍යන්තර නීතී යටතේ ඇති නිදහසට අභියෝග කිරීමට මෝදි අගමැතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කරයි.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය යම් හෙයකින් අසත්‍ය නම් , කෝප් කමිටුව නොමග යැවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව පවසන අරගලකරුවන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙරට සම්පත් රාජපක්ෂලාගේ බූදලයක් නොව අප රටේ දුක්විදින මිනිසුන්ගේ සහ අනාගත පරපුරට ද අයක් රටේ උරුමයක් බව ඉන්දු අමෙරිකානු රූකඩ ජනාධිපතිවරයා මතක තබාගත යුතු බවයි.