30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින තුනකින් තවත් ඩීසල් නැවක් මෙරටට

දින තුනකින් තවත් ඩීසල් නැවක් මෙරටට

ඉදිරි දින තුන ඇතුළත තවත් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පෙට්‍රල් රැගත් නෞකාවක් සඳහා ඇනවුම් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි.

රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවට ඛනිජ තෙල් අමාත්‍යංශය යළිත් තහවුරු කළේය. මේ අතර ප්‍රවාහනය සඳහා ලැබන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අඩුවී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මේ වන විට බෙහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව එහි සමලේකම් ශාන්ත සිල්වා පැවසීය. ඉන්ධන නොපැවතියද පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් තවත් දීර්ඝ වී ඇති බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පවසයි.