31.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalධම්මික 21 වැනිදා ඇමති ධුරයේ දිවුරුම් දෙයි!

ධම්මික 21 වැනිදා ඇමති ධුරයේ දිවුරුම් දෙයි!

බැසිල් රාජපක්ෂගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කළ ධම්මික පෙරේරා මෙම මස 21 වැනිදා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන වාර්තා කරයි.

ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ඇති බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 9 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නව අමාත්‍යංශ දෙකක් ප්‍රකාශයට පත් කළ අතර ඉන් එක් අමාත්‍යංශයක් වන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය භාර ඇමතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අනෙක් නව අමාත්‍යංශය වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදීමට යන බවද එම ආරංචිමාර්ග පැව්සීය.