27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාප් වහන්සේට බරපතළ දණහිස් ආබාධයක්

පාප් වහන්සේට බරපතළ දණහිස් ආබාධයක්

ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ශුද්ධෝත්තම පියතුමන් වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බරපතළ දණහිස් ආබාධයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Vatican News පුවත් සේවය වාර්තා කළේ උන් වහන්සේගේ දණහිසේ සහ පාදයේ මතුව ඇති ආබාධ තත්ත්වයක් නිසා ජූලි මාසයේදී සැලසුම් කර තිබූ විදෙස් සංචාර කිහිපයක් කල්දමා ඇති බවයි.

ඒ අනුව ජූලි මස 2 වැනිදා සිට 7 වැනිදා දක්වා කොංගෝ රාජ්‍යයේ සහ දකුණු සුඩානයේ සංචාරවල නිරත වීමට සැලසුම් කර තිබුණද මෙම ආබාධය හේතුවෙන් එම සංචාර කල්දමා තිබේ.

මේ සම්බන්ධයෙන් පාප් වහන්සේ සිය කනගාටුව පළ කර තිබේ.