― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමත්තලින් මාසිකව රුපියල් කෝටි 10ක පාඩුවක්

මත්තලින් මාසිකව රුපියල් කෝටි 10ක පාඩුවක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවත්වාගෙන යාමේ මාසික පාඩුව රුපියල් කෝටි 10කට වැඩි බවත් කොපමණ පාඩු ලැබුවත් මෙය පවත්වාගෙන යන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ගුවන්තොටුපොළ ඉදි කිරීමට චීනයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 210 ණය වාරික ගෙවීමට ඇති බවත් මෙය තවමත් නඩත්තු කරන්නේ කටුනායක ගුවන්තොටුපොළෙන් උපයන මුදලින් බවත්ය.

මෙම ගුවන්තොටුපොළ ඉදිකර ඇත්තේ අලි ඇතුන්ගේ වාසබිමක බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ එම නිසා මේ පරිශ්‍රයට නිරන්තරයෙන් සිදුවන අලි ඇතුළුවීම් සහ පහර දීම් වැළැක්වීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බවයි.

කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන්තොටුපොළට සේවකයන් 545 අනියුක්ත කර ඇති අතර එයින් සමහරක් කොළඹ සිට මත්තලට ප්‍රවාහනය කිරීමට දිනපතා බස් රථයක් යොදා ඇති බව එම සංචාරයේදී අමාත්‍යවරයා හෙළිදරව් කළේය.

මත්තල ගුවන්තොටුපොළ කිසිවිටෙක විකුණන්නේ නැති බවත් පරිපාලනය ප්‍රතිව්‍යුහගත කරමින් හොඳ ආයෝජකයෙක් පැමිණියහොත් සාමුහික ගිවිසුමකට එක්වෙමින් රජයේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලාභ ලැබීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.