― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමිලියන 3,100කට කැඩිච්ච ජෙනරේටර් 50ක් ගත්තේ ඇයි?

මිලියන 3,100කට කැඩිච්ච ජෙනරේටර් 50ක් ගත්තේ ඇයි?

ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 3,100ක් වැයකොට මිලදී ගත් විදුලි ජනක යන්ත්‍ර 50ක් මිලදී ගන්නා අවස්ථාවේම ක්‍රියාකාරී තත්ත්වයේ නොතිබී ඇතැයි කෝප් කමිටුවේදී හෙළි විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්‍ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූනි 10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2018, 2019 කාලසීමාවට අදාළව මිලදී ගත් විදුලි ජනක යන්ත්‍ර පිළිබඳව මෙසේ හෙළි විය. එහිදී කෝප් කමිටු සභාපතිවරයා මේ පිළිබඳ වාර්තාවක් සති 02ක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස නිර්දේශ කළේය.

මෙම ජනක යන්ත්‍ර මිලදී ගන්නා විට ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවැති බවත් මේ නිසා මෙම මිලදී ගැනීම්වලදී තත්ත්ව පරීක්‍ෂාවක් සිදු වූවාද යන්න සහ මේ සඳහා වියදම් වූ මිල පිළිබඳ කමිටු සාමාජිකයන් ඔවුන්ගෙන් විමසන ලදී.

මෙහිදී පැමිණි සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම මිලදී ගැනීම්වලදී නිලධාරීන් පරීක්‍ෂාවක් සිදු කොට ඇති බව හා එම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3,100ක් වැයවූ බවයි. අද වනවිට මෙම ජනක යන්ත්‍ර 50ම ක්‍රියාකාරීව පවතින බව ඔවුන් එහිදී ප්‍රකාශ කළහ.

ඒ අනුව කුමන ආණ්ඩු කාලසීමාවක මිලදී ගත්තද ක්‍රියාකාරී තත්ත්වයේ නොපවතින ජනක යන්ත්‍ර මිලදී ගැනීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදු කළ යුතු බව කෝප් කමිටු සාමාජිකයන් එහිදී අවධාරණය කළේය.