― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරටින් මියන්මාරයට ෆයිසර් එන්නත් තොගයක්

මෙරටින් මියන්මාරයට ෆයිසර් එන්නත් තොගයක්

ලබන ජූලි මාසයේදී කල් ඉකුත්වීමට නියමිත මෙරට ඉතිරිව ඇති ෆයිසර් එන්නත් තොගයෙන් කොටසක් මියන්මාර රජයට පරිත්‍යාග කිරීමට වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් මෙම එන්නත් තොග පරිත්‍යාග කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත පැවසීය.

2021 ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙරටට ෆයිසර් එන්නත් දෙකෝටි අසූඅට දහස් පනහක් (2088050) මෙරටට ගෙන්වන ලද අතර ඊයේ (12) වනවිට මෙම එන්නත් තොගවලින් මෙරට පුද්ගලයන් පළමු, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි මාත්‍රා වශයෙන් එන්නත් එක්කෝටි පහළොස් ලක්ෂ පනස් හත්දහස් හත්සිය දහඅට දෙනෙකු (11557718) ලබාගෙන තිබේ.

කෙසේ වුවද මේ වන විට ෆයිසර් එන්නත් මිලියන අටකට වැඩි ප්‍රමාණයක් එනම් එන්නත් මාත්‍රා අසූ පන්ලක්ෂයකට වැඩි ප්‍රමණයක් මෙරට ඉතිරිව ඇත.

මෙම එන්නත් තොගය ලබන මසදී කල් ඉකුත් වන අතර ඊට පෙර එම එන්නත් මියන්මාර රජයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට මෙලෙස කටයුතු සූදානම් කරමින් සිටින නමුත් විපක්ෂය ප්‍රකාශ කර තිබුණේ මෙසේ මිලදී ගෙන ඇති ෆයිසර් එන්නතක වටිනාකම ඩොලර් 17ක් බවයි.

ඒ අනුව මෙසේ ඉතිරි ෆයිසර් තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 136කට ආසන්නය.