― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන් පත් කෙරේ

රජයේ මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන් පත් කෙරේ

රජයේ මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන් පත් කර තිබේ.

ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර තිබේ. අද (13) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පත්වීම් ප්‍රදානය කරනු ලැබීය.
රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය මහතා පත්කරනු ලැබ සිටියි.
අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස :
• මහාචාර්ය චමින්ද රත්නායක මහතා
• මහාචාර්ය ඩී. එම්.අජිත් දිසානායක මහතා
• නීතිඥ රඛිත අබේගුණවර්ධන මහතා
ස්වාධීන රූපවාහිනී ආයතනය
සභාපති : වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ මහතා
අධ්‍යක්ෂ මණ්ඩලය:
• නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා
• කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස් මහත්මිය
• රවීන්ද්‍ර ගුරුගේ මහතා
• ඉන්දික ලියනහේවගේ මහතා
• හසන්ත හෙට්ටිආරච්චි මහතා
ගුවන් විදුලි සංස්ථාව
සභාපති : හඩ්සන් සමරසිංහ මහතා
අධ්‍යක්ෂ මණ්ඩලය :
• මහාචාර්ය පුජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ
• ප්‍රියන්ත කේ රත්නායක මහතා
• ජේ. යෝගරාජ් මහතා
• එම්.සිසිර කුමාර මහතා