29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජ්‍ය සේවකයන්ට රට යන්න අවුරුදු 05ක නිවාඩුවක්

රාජ්‍ය සේවකයන්ට රට යන්න අවුරුදු 05ක නිවාඩුවක්

රාජ්‍ය සේවකයන්ට වසර 05ක කාලයකට විදේශගත වීමට වැටුප් රහිත නිවාඩු ගත හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට සිය සේවා කාලය තුළ වසර 05ක උපරිමයකට විදේශගතවීම සඳහා විදේශ ආයතනයක රැකියාවක නිරත වීම සඳහා අවස්ථාව සැලසෙන අතර එහිදී එම නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බාධාවක් ඇති නොවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

එමෙන්ම කිසියම් රාජ්‍ය නිලධාරියකු වැටුප් රහිතව හෝ සහිතව මේ වන විටත් විදේශගතව ඇත්නම් සහ තවදුරටත් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතිය, නැවත මෙරටට පැමිණීමකින් තොරව ලබා ගැනීමටද මෙමඟින් අවස්ථාව සැලසෙයි.

මේ යටතේ නිවාඩු ලබා දීමේ බලය අමාත්‍යංශ ලේකම්වරයාට හිමිවන අතර රාජ්‍ය සේවයට බාධාවක් නොවන සේ මෙවැනි ක්‍රියාදාමයක් අනුගමනය කිරීමෙන් දළ ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දිය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.