28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලබන සතියේ සිට රජයේ සේවකයන්ට ගෙදර සිට වැඩ කිරීමේ අවස්ථාව

ලබන සතියේ සිට රජයේ සේවකයන්ට ගෙදර සිට වැඩ කිරීමේ අවස්ථාව

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩිවීම නිසා දැනට රාජ්‍ය සේවකයින්ට විශාල අතිරේක වියදමක් දරන්න වෙනවා වැඩට පැමිණීමට හා ආපසු යෑමට. රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට ලබාදෙන සහනය උපයෝගී කරගනිමින් තමන් වාසය කරන ප්‍රදේශයේ කෘෂිකර්මයේ යෙදීමට අවශ්‍ය නම් එයට කෙළින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහයෝගය හා විවිධ සහන ලබාදෙනවා.