29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැඩි මිලට විකුණන්න ලක්ෂ ගණනක මත්පැන් සතොසේ කාමරයක් ඇතුළේ සඟවලා

වැඩි මිලට විකුණන්න ලක්ෂ ගණනක මත්පැන් සතොසේ කාමරයක් ඇතුළේ සඟවලා

පොසොන් සමය හේතුවෙන් වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණ ඇතිව නීතිවිරෝධී අයුරින් ගබඩා කර, සඟවා තැබූ මත්පැන් තොගයක් කැකිරාව සතොස ආයතනය තුළ තිබී සොයාගෙන තිබේ.

කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුමකදී මෙම මත්පැන් තොගය සොයාගෙන ඇති අතර පොසොන් සමයේදී වැඩි මිලට අලෙවි කිරිම සඳහා අදාළ සේවකයා මෙම මත්පැන් තොගය සතොස ආයතනයේ වෙනම කාමරයක සඟවා තබා ගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ මත්පැන් තොගය ආයතනයේම ඇති මත්පැන් අලෙවිසල්වලින් ඉවත් කරගෙන කර ගෙන ඇති බවත් මෙලෙස නීති විරෝධීව සඟවා තිබූ මත්පැන් බෝතල් 93ක් එම ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම මත්පැන් තොගයේ වත්මන් වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න බව පොලිසිය පවසයි. මෙම මත්පැන් තොගය සන්තකයේ තබාගත් බව කියන 31 හැවිරිදි සතොස සේවකයකු අත්අඩංගුවට ගෙන තිබේ.