31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO අවධානය

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය ගැන WHO අවධානය

ශ්‍රී ලංකාවේ හිඟයක ඇති අත්‍යාවශ්‍ය ඖෂධ මොනවාදැයි හඳුනාගැනීමට සහ දැනට තිබෙන ඖෂධ තොග පිළිබඳ දත්ත එක්රැස් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් පැවසීය.

හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමටත් ඉදිරි මාස 3-4 කාලය තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට නොදී පවත්වා ගෙන යාමටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 8ක මුදලක් අවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය.

ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 47.2ක මුදලක් අවශ්‍ය බවට මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් සිදු කළ මානුෂීය අභියාචනාව මගින් ඉල්ලා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් ප්‍රකාශ කළේය.