30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsICCයෙන් ඇන්ජලෝ මැතිව්ස්ට සම්මානයක්

ICCයෙන් ඇන්ජලෝ මැතිව්ස්ට සම්මානයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව නිකුත් කරන මාසික ක්‍රීඩකයාට හිමි සම්මානය මැයි මාසයට අදාළව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

නිමාවූ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙසේ මාසික ක්‍රීඩකයා ලෙස නම්ව තිබේ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රිඩක අසිත ප්‍රනාන්දු හා බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකාර් රහීම් පරාජය කරමින් මැතිව්ස් මෙසේ මාසික ක්‍රීඩකයා ලෙස නම්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිඩකයෙක් මාසික ක්‍රීඩකයා ලෙස නම්වූ පළමු අවස්ථාව මෙය වෙයි. මැතිව්ස් බංග්ලාදේශ තරගාවලියේදී ශතක දෙකක් වාර්තා කිරීමට සමත්විය.