26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද බන්ධනාගාර රැඳවියන් 173කට නිදහස

අද බන්ධනාගාර රැඳවියන් 173කට නිදහස

අදට යෙදී තිබෙන පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට නිදහස ලබාදීමට පියවර ගෙන ඇති බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ නිර්දේශ මත මෙම බන්ධනාඅගර රැඳවියන් නිදහස් කර ඇති අතර ඒ යටතේ වැඩිම රැඳවියන් සංඛ්‍යාවක් වන 23 දෙනෙක් නිදහස ලබන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි.

කුරුවිට, මහර, මීගමුව, වීරවිල, වාරියපොල, බෝගම්බර, අනුරාධපුර, කළුතර, කොළඹ මැගසින් බන්ධනාගාරය, තල්දෙන, වටරැක, බදුල්ල, මාතර, අඟුණකොළපැලැස්ස, යන බන්ධනාගාරවලින් ද පොළොන්නරුව, කෑගල්ල මඩකලපුව, මොණරාගල, පල්ලන්සේන, වවුනියාව, යාපනය, ගාල්ල, පල්ලෙකැලේ හා ත්‍රිකුණාමලය යන බන්ධනාගාරවලින්ද රැඳවියන් නිදහස ලැබීමට නියමිත ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.